රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඇතුළු ප්‍රධාන කාර්යාලවල කටයුතු අද ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන්.
ඒ අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය සහ මාර්ගගත (Online) දිස්ත්‍රික් කාර්යාල වන කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොනරාගල, මහනුවර, ගාල්ල හා අම්පාර මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය, නව රියදුරු බලපත් ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර අලුත්කිරීම ඇතුළු මාර්ගගත සේවාවන් සිදු නොවනු ඇති. කෙසේ වෙතත් වාහන ලියාපදිංචි කිරීම හා පැවරීම ආදි පද්ධතිවලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බැවින් එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු වනවා.

