පාසල් ආරම්භක දිනය ගැන විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කර සිටියේ පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
menu
menu