ඉදිරි දින කිහිපයේදී ද යළි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවමත් අතුරුදන්ව ඇති සංඛ්‍යාව 366ක්. දිස්ත්‍රික්ක 25ටම මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් පවුල් සංඛ්‍යාව හාරලක්ෂ තිස් හත්දහස් පන්සිය හතක්.
ඒවායේ ජීවත් වූ පහළොස් ලක්ෂ පනස් අටදහස් නවසිය දහනව දෙනෙකු බලපෑමට ලක්ව සිටිනවා.
පවුල් 61,875කට අයත් පුද්ගලයින් දෙලක්ෂ තිස් දෙදහස් හත්සිය පනස් දෙදෙනෙකු රඳවා සිටින්නේ සහන සේවා මධ්‍යස්ථාන 1,433ක් තුළයි.
නිවාස 783කට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 31,417කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර ඉදිරි දින කිහිපයේද අවදානම් සහිත ප්‍රදේශ යළි නාය යාමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරික්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා. එමෙන්ම ඉදිරි දින කිහිපයේදී ද යළි වැසි ඇතිවිය හැකි බැවින් පවතින තත්ත්වය කෙරෙහි දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැළදුරටත් සඳහන්
menu
menu