ආපදා මරණ 474ක්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත.
පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 53ක් හා කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වේ.

