ආපදාවට ලක්ව නිවස සහ ඉඩම අහිමි වූ අයට කෝටියක් - නිවස පමණක් නම් ලක්ෂ 50ක්
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ජනපතිවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.
ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ.

