ඉන්දියාවේ බස් රථයක් පෙරළී 9ක් මරුට
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (12) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
අල්ලුරි දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක ගමන්කර ඇති මෙම බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී පහළ බෑවුමකට පෙරළී ඇති බව සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 35 දෙනෙකු, රියදුරන් දෙදෙනෙකු සහ සහායකයන් කිහිපදෙනෙකු සිට ඇත.
කැළෑබද මාර්ගයක ගමන්කර ඇති මෙම බස් රථය වංගුවක් ඔස්සේ ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇත.

