ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ''
ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගංවතුරින් හානි වූ ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

