ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව හෙට සිට

පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.

එහි සංකේතාත්මකව පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 9.30ට වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතය.

2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතය.

menu
menu