පාසල් හෙට සිට යළි ඇරඹෙයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද කැඳවීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147 ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.

එමෙන්ම ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙනවා.

menu
menu