ආරක්ෂිතව මගින් 202 ක් සමගින් කටුනායක ගුවන්තොටුපල ගොඩ බස්සපු තුර්කි ගුවන් යානය
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා සමත් ව තිබේ.
ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (17) අලුයම 12:17 පමණ යළි ගුවන් යානය ගොඩ බැස්වීම සිදුකළ බවය.
තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබේ.

