පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි හෙට දිනයේ කැඳවා ඇති පාර්ලිමේන්තුව අනිද්දා දිනයේදීද රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

ඒ අනුව දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා එනම් හෙට පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.

අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

දෙසැම්බර් 19 වැනි සිකුරාදා එනම් අනිද්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

menu
menu