ගෑස් හිඟය ගැන චාමර කියූ කතාව
ඉදිරි කාලසීමාව තුළ රට තුළ ගෑස් හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සිදුකළ ප්‍රකාශයකට අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මේ දක්වා ලිට්‍රෝ ගෑස් සමාගම වෙත ගෑස් සැපයූ ඕමාන් සමාගම ඉවත් කර ස්විට්සර්ලන්තයේ සමාගමකට ගෑස් සැපයුම ලබාදී ඇති බවයි චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කියාසිටියේ.

