නීතිඥවරයෙකු ලෙස හැඳින්වූ පුද්ගලයා රිමාන්ඩ්
මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලිසිය ප්‍රකාශ ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බව කියා විමර්ශන නිලධාරීන් සහ අනෙක් පාර්ශවය නොමග යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත් සංජීව මෙන්ඩිස් විජේතුංග මහතා නියෝග කළා.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මහරගම පොලිස් වසමේ වත්තේ ගෙදර ප්‍රදේශයේදී සැකකරු පදවන ලද මෝටර් රථය සහ හෝකන්දර තුරුගිරිය පාර ප්‍රදේශයේ පුද්ගලයකු පදවන ලද මෝටර් රථයේ එකිනෙක ගැටී අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි

