මහවැලි ගඟේන් පහළ සිටින ජනතාවට විමසිල්ලෙන්

පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.

රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි එම අධිකාරිය පවසන්නේ.

ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජල ධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතුවන බැවින් මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටිය යුතු බවද මහවැලි අධිකාරිය සදහන් කළා.

menu
menu