යොවුන් කුසලානය වෙනුවෙන් පස මිතුරන් අද තරග බිමේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් අතරයි.

ඩුබායිහිදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පෙරවරු 10.30ටයි.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඉන්දීය කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ යහපත් මානසිකත්වයෙන්.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග තුනම ජය ගැනීම හේතුවෙන්.

ඒ කාණ්ඩයෙන්ම තරග වැදුනු පාකිස්තාන කණ්ඩායම තමන් මුහුණ දුන් තරග තුනෙන් තරග දෙකක් ජයගෙන තිබෙනවා.

menu
menu