ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කෙරේ
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කළා.
එම ඉන්දීය සංචිතයට සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 15ක ඇතුළත්.
කෙසේවෙතත් එම සංචිතයෙන් උපනායක ශුබ්මන් ගිල් ඉවත්කර තිබෙනවා.
ඒ අනුව අක්ෂාර් පටෙල්ට උපනායකත්වය හිමිව තිබෙනවා. පන්දුවාර විස්සයි විස්ස තරග බිමේ මේ වනවිට පසුබෑමකට ලක්ව ඇති ගිල් අවසන් ඉනිම 15 තුළ එක් අර්ධ ශතකයක් හෝ රැස්කර නැහැ.
රින්කු සිං සහ ඉෂාන් කිෂාන් ද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත්.
අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, තිලක් වර්මා, හර්දික් පාණ්ද්‍යා, ශිවම් ඩුබේ ඉන්දීය සංචිතයට ඇතුළත් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්.
එමෙන්ම ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති සහ වොෂින්ටන් සුන්දර් ද 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත්.
මේ අතර එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා මූලික සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළා. ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස දසුන් ශානක නම් කර තිබෙනවා.

