මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්

සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහර දීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි.

සූරියකන්ද පොලිසිය මගින්පසුගියදා සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත.

අදාළගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ.

මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට "තෝ මරනවා" යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බවයි පොලීස් නිලධාරියා සඳහන් කර ඇත්තේ.

එමෙන්මජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

menu
menu