වැලිකඩ ගිය මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට වෙන්න යන දේ.

සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම බන්ධනාගාරයේ මැහුම් අංශයට යොමු කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජම්පර මැසීම එම අංශයෙන් සිදු වනවා.

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු රෙදි විවීමේ අංශයට යොමු කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඇඳ ඇතිරිලි සහ තුවා විවීම එම අංශයෙන් සිදු වනවා.

ඒ අනුව උදෑසන 07 සිට පස්වරු 03 දක්වා හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අදාළ අංශවල රාජකාරී සඳහා යොමු කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

පස්වරු 03න් පසුව ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවනු ලබනවා.

සිර දඬුවම් නියම වූ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් ඇතුළු සිරකරුවන් සිය දෙනෙකු පමණ එම වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

menu
menu