කාර්මික දෝශයකට ලක් වු ගුවන් යානය යළි කටුනායකට
                                            ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී, ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත යළි පැමිණ තිබෙනවා.
අදාළ ගුවන් යානය එයාර් බස් ඒ – 320 වර්ගයේ ගුවන් යානයක්.
එය ගුවන් මගීන් 93 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන, ඉකුත් 05 වනදා අලුයම 01යි 45ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
ගුවන් ගමන අතරතුර ඉන්දුනීසියානු ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබියදී, එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන් යානය ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් වන මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර තිබුණා.
කාර්මික දෝෂයකට ලක්වූ එම ගුවන් යානය මෙඩාන් ගුවන් තොටුපොළ තුළ අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීම හේතුවෙන් ඉකුත් 06 වනදා පස්වරු 01යි 45ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් පිරිසක්, අවශ්‍ය අමතර කොටස් ද රැගෙන විශේෂ ගුවන් යානයකින් මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් එය අලුත්වැඩියා කිරීමෙන් පසු අද උදෑසන 07යි 55ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 303 දරන ගුවන් යානය වශයෙන්, අදාළ ගුවන් යානය මෙඩාන් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි තො

