කෙහෙල්බද්දර පද්මේ පවා දෙයි සෙව්වන්දි කොටු වෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම පසුගිය කාලසීමාවේ මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් වුණා.
එම ඝාතනය සිදු කළ වෙඩික්කරුට ගිනි අවිය ලබා දී ඝාතනයට අධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවටයි.
එම ඝාතන සිද්ධියෙන් පසු අදාළ සැකකාරිය සොයා පොලීසිය රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කළද ඇය සොයා ගැනීමට හැකි වුණේ නැහැ.
රටින් පලා ගොස් සිටි එම සැකකාරිය නේපාලයේ රැඳි සිටින බවට ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇත්තේ මීට දින 04කට පෙරයි.
එම පොලිස් කණ්ඩායම් විසින් ඊයේ දිනයේදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියා.