අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්
.jpg)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම්වල එය ක්‍රියාත්මක කරනු ලැබේ.
එම නියමු ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත.