අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 191 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.40ට පමණ අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ පැවසුවේ
අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන 18 වනදා දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.
NDTV සහ චින්තන් පර්යේෂණ පදනම විසින් සංවිධානය කරන NDTV ලෝක සමුළුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් එම සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතයි.
“අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම” යන තේමාව යටතේ ඇය එම දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිහිපයකට එක්වීමට ද නියමිතයි.