ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන පකිස්ථාන තුන්කොන්       තරගාවලිය පිළිබඳත් මේ දැල් ලැබුණු ආරංචිය

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් වන අතර ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

menu
menu