ගල්කිස්ස පොලිසියට ආව වන්නිනායක

පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුලදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට චෝදනා එල්ල වූ අතර පසුව ඔහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත්වුණා .
එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි නීතීඥවරයාට ගල්කිස්ස පොලිසිය හමුවේ ප්රකාශයක් ලබාදෙන ලෙසටයි දන්වා සිටියේ .
ඒ අනුවයි වන්නිනායක මහතා අද (18) දිනයේදී ගල්කිස්ස පොලිසිය වෙත පැමිණ ප්රකාශයක් ලබාදී තිබෙන්නේ.
අදාළ ප්රකාශය ලබාදීමෙන් පසු ඒ මහතා පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා.