මුස්ලිම් හෙදියන්ගේ ඇඳුමේ ගැටලුවට
රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමට අදාළව පවතින නීති රාමුව තුළ කිසිඳු නෛතික බාධාවක් නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ, මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විසින්, මුස්ලිම් හෙදියන්ගේ නිල ඇඳුම් ගැටලුවට අමතරව, මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දුන් මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේදී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයා සමඟ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

