??? BREAKING NEWS වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට  

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදී වන අතර අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

menu
menu