අවිස්සාවේල්ලෙන් මතුවූ දෙවන ඉෂාරා සෙව්වන්දි  

ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා විසින්.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට පෙරේදා පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළිවී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසියට භාර දීමෙන් පසු ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට හඳුනාගෙන ඇති බවටද වාර්තා වනවා.
menu
menu