මෙහෙණින් වහන්සේට බැණ තර්ජනය කළ සැකකරුවන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය
මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, රුපියල් එක් ලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. පොලීසිය විසින් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් යළි කළහකාරී ලෙස හැසිරුණහොත් ඇප අවලංගු කරන බවටද මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා. වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ ආරාමයක් අසලදී අදාළ සැකකරුවන් දෙදෙනා එම මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කර තිබුණා. ඊට අදාළ වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ වත්තල පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 58 හා 67 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිටි බවද පොලීසිය පැවසුවා.

