මන්ත්‍රීවරු ඇතුලු වැඩ වරදින්න  යන සෙට් එක

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා දන්වා සිටියේ. ඒ, අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් කැඳවූ අවස්ථාවේදීයි. 2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගේ ගම අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා. ඒවා කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

menu
menu