විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවර සිදු කළ සංචාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමඟ සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.
ඉන්දියාවේ සුවිශේෂී නායකයකු ලෙස අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම නැවත වරක් තහවුරු කළ අතර මෙහි දී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික පුනර්ජීවනය සැලසුම් කිරීම සඳහා වත්මන් කාල පරිච්ඡේදය භාවිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයන්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සඳහා වන මාර්ග සිතියම පිළිබඳව අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාට පැහැදිලි කර සිටියේය. ඒ අනුව 2028 සිට නැවත වරක් ණය ගෙවීම ආරම්භ වන විට IMF වැඩසටහනෙන් පසු කාල පරිච්ඡේදයේදී අපේක්ෂා කරන අභියෝග ද ඔහු ගෙනහැර දැක්වීය. මේ සඳහා කලාපීය ආයෝජන සහ ඒකාබද්ධතාවෙන් සහාය වන තිරසාර වර්ධන උපාය මාර්ගයක අවශ්‍යතාව ද අවධාරණය කළේය.

