කුඩුත් එක්ක මාට්ටු වුණු සැමියා නිසා මන්ත්‍රී බිරිද මාලි මාවෙන් දොට්ට ?

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මාලිමා නාගරික මන්ත්‍රීනියගේ සැමියා සහ පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට සමාජ තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා පක්ෂ විපක්ෂ දේශපාලකයින් වන විටත් මත පළ කරමින් සිටිනවා
අත්අඩංගුවට පත් වූ අදාළ මන්ත්‍රීවරියගේ සැමියා විදුහල්පතිවරයෙක් වන බවත් ඔහු විසින් ඇඳගල ප්‍රදේශයේ පත්වාගෙන ගිය බව කියන හෝටලයක සඟවා තිබියදී අදාළ මත්ද්‍රව්‍ය සොයා ගත්තා
විදුහල්පතිවරයා සමඟ ඔහුගේ විසිදෙ හැවිරිදි පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියගේ සැමියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි පොලිස් ආරංචි මාර්ගවලටට අනුව අදාල පුද්ගලයා දවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් ගැනීමට නියමිත බවයි වාර්ථා වන්නේ
ආණ්ඩුව නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී වන්දන සූරියආරච්චි හෙළිදරව්ව වෙත අදහස් දක්කමින් සඳහන් කර සිටියේ අදාල මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානින් තීරණයක් ගත යුතු බවයි රටේ කුමන පක්ෂයක් නියෝජනය කළත් සියලු දෙනාට නීතිය එක සමානව ක්‍රියාත්මක කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ
menu
menu