කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියක්වැටී මරුට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි තෙවන වසරේ සිසුවියක සිය නිවෙසේ නාන කාමරයේ ඇද වැටී හිසට සිදුවූ බරපතළ තුවාල සමඟ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී ජයතිලක නැමැති සිසුවිය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිට නිවෙසට පැමිණ පසුගිය 06 දා අලුයම 2.00 පමණ වනතෙක් පාඩම් කර නාන කාමරය තුළට ගිය අවස්ථාවේ ලිස්සා ඇද වැටී තිබෙන බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වී තිබුණා.
මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ඊයේ (08) මියගොස් ඇතැයි වාර්තා වෙනවා.
menu
menu