මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයෙන් නිදහස් කරයි
2026 IPL තරගාවලියට අදාළ ක්රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්රීඩකයන් නිවේදනය කර තිබෙනවා.
2023 වසරේ දී චෙන්නායි නියෝජනය කරමින් මංගල IPL තරගාවලියට සහභාගි වූ මතීෂ, සිය කුළුදුල් තරගාවලියේදීම ජයග්රාහී කණ්ඩායමක සමාජිකයෙකු බවට පත් වූ අතර එවර ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර මේ වනවිට තරග 32කදී කඩුලු 47ක් බිඳහෙළා තිබෙනවා.
පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණ ද මේ වන විට ඔහුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවට අනාවරණය වනවා.

