තුන්කොන් සටනේ පළමු ජය පාකිස්ථානයට
පාකිස්ථානයේ පැවත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති පළමු තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාව්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 147ක් රැස් කළා.
මෙහිදී සිම්බාව්වේ කණ්ඩායම වෙනුවෙන් ග්රැයිම් ක්‍රීමර් වසර 07කට පසු පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිසීම විශේෂත්වයක්.
එය නව වාර්තාවක් බවට පත් වුණේ ක්‍රීඩා කළ අවසන් තරඟයෙන් පසු වැඩිම කාලයකින් අනතුරුව යළි තරඟයකට පිවිසි ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි.
ඔහු 2018 වසරේ පෙබරවාරි මස 06 වනදායින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ ඊයේ දිනයේයි.
එනම් 2025 නොවැම්බර් මස 18 වනදායි.
ඒ අතරතුර කාලය අවුරුදු 07යි දින 285ක්.
ඔහුට අහිමි වූ ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාව 126ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 151ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.

