බස්නාහිර පළාතේ දූෂිත ක්‍රියා පිළිබඳව තොරතුරු දෙන්න අළුත් අංකයක්
බස්නාහිර පළාත තුළ සිදුවන විෂ මත්ද්‍රව්‍ය හා විවිධ දූෂිත ක්‍රියා සම්බන්ධව තොරතුරු මින් ඉදිරියට වර්තමාන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ රාජකාරි කළ සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයට පත් කිරීම හේතුවෙන්.
ඒ අනුව බස්නාහිර පළාත භාර වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන සජීව මැදවත්ත මහතාගේ දුරකථන අංකය වන 071 85 92 621 යන අංකයට එම තොරතුරු දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

