ශ්රී ලංකා – සිම්බාව්වේ සටන අද
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ සිම්බාව්වේ කණ්ඩායම සමඟයි.
රාවල්පිණ්ඩිහීදී පැවැත්වෙන මෙම තරඟය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අසනීප වීම හේතුවෙන් මෙම තරඟාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු නායක දසුන් ශානක වෙත පැවරී තිබෙනවා.

