දහසයට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට වැට බැඳෙන හැටි

අවුරුදු 16ට අඩු නව යොවුන් වියේ පසුවන ඕස්ට්‍රේලියානුවන් දෙසැම්බර් මස 04 වන දින සිට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉවත් කරන බව ලොව තාක්ෂණික දැවැන්තයෙකු වන මෙටා සමාගම පවසනවා.

ඒ, ඕස්ට්‍රේලියානු රජය විසින් එරට නව යොවුන් වියේ තරුණ ප්‍රජාව සඳහා සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පසුබිමක් තුළයි.

ඕස්ට්‍රේලියාව එළඹෙන දෙසැම්බර් 10 වනදා සිට ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් පවතින වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් ඉවත් කිරීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

එසේ නොමැති වුවහොත් අදාළ පාර්ශ්ව සඳහා රෙගුලාසි කඩකිරීම යටතේ දැඩි දඩ මුදල් පැනවීමක් සිදු කරන බවයි ඕස්ට්‍රේලියානු බලධාරින් පවසා තිබුණේ.

මෙටා සමාගම විසින් වයස අවුරුදු 16ට අඩු ළමුන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් බවත් කිරීමට පියවර ගෙන ඇත්තේ එම තහනම බලාත්මක වීමට පෙරයි. එමෙන්ම අද දිනයේ සිට වයස අවුරුදු 13

සහ 15 අතර ඕඕස්ට්‍රේලියානුවන්ගේ ඉන්ස්ටග්‍රෑම්, ත්‍රෙඩ් සහ ෆෙස්බුක් වෙත ප්‍රවේශය අහිමි වන බවද මෙටා සමාගම නිවේදනය කර තිබෙනවා.

menu
menu