බැණාගේ පොලු පහරට මාමණ්ඩිය අවසන් ගමන් යයි

කිලිනොච්චිය, අක්කරායන්කුලම ස්කන්ධපුරම් ප්‍රදේශයේ දී බෑණා විසින් පහරදීමෙන් මාමණ්ඩිය 24 වනදා මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ කතිරවේලු සිවරාසලිංගම් වන අතර බෑනා සිය දියණිය සමග රණ්ඩු වූ අවස්ථාවේදී එය බේරීමට යාමේදී පොලු පහරක් වැදී මාමණ්ඩිය බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වහාම ඔහුව අක්කරායන්කුලම රෝහල වෙත රැගෙන ගියත් රෝහලේදී ඔහු මියගොස් තිබෙනවා.
මෙම පහරදීම සදහා බෑනාගේ බාප්පා කෙනෙකුද සහය වූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.
සිද්ධියෙන් පසුව බෑනා හා ඔහුගේ බාප්පා පළාතෙන් පලාගොස් ඇති අතර පරීක්ෂණ ආරම්හ කළ අක්කරායන්කුලම පොලීසිය පසුව ඔවුන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අක්කරායන්කුලම පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
menu
menu