මාලිමාව උඩුනුවර අයවැයත් පරදියි
ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය ලේඛනය සභාපති අසිත රණවීර විසින් අද (23) ඉදිරිපත් කළ අවස්ථාවේ එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය.
ප්‍රාදේශීය සභාවේ 38 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් අයවැයට පක්ෂය ඡන්ද 18 ක් ද, විපක්ෂව ඡන්ද 20 ක් ද හිමිවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උඩුනුවර ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් 18 ක් සමගි ජන බලවේගයෙන් 10 ක් එක්සත් ජාතික පක්ෂයෙන් 03 ක් එක්සත් ජාතික සන්ධානයෙන් 03 ක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් 02ක් හා ස්වාධීන කණ්ඩායමෙන් 02 ක් ලෙස සභිකයින් තේරී පත් වුණා.
සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික සන්ධානයේ සභිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු ජාතික ජලබලවේගයට සහය දීම නිසා සභාපති තෝරා පත්කර ගැනීමේදී සභාපති ධුරයට තරග කළ අසිත රණවීරට ඡන්ද 20 ක් හිමිවුණා.

