සම්පත් මනම්පේරිට යළිත් දින 90ක රැඳවුම් නියෝගයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය භාරයේ දින 90ක කාලයක් රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නමැත්තා තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය විසින් එම නියෝගය නිකුත් කළේ එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සම්පත් මනම්පේරි නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි පොලීසිය එහිදී අධිකරණයට දැනුම්දුන්නේ.

ඒ අනුව සැකකරුගෙන් තවදුරටත් කරුණු අනාවරණ කර ගැනීමට අවශ්‍ය බැවින් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

menu
menu