හෙට රට පුරා මිනිත්තු 02 ක නිහැඬියාවක්
2004 වසරේ සිදුවූ දරුණු සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කරමින් හෙට (26) පෙරවරුවේ මිනිත්තු දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සුනාමි ව්‍යසනය සිදු වූ දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව තුළ "ජාතික සුරක්ෂිත දිනය" ලෙස නම් කර ඇති අතර, මෙවර එහි 21 වන අනුස්මරණයයි පැවැත්වෙනු ලබන්නේ.

