සුනාමි ව්‍යසනයට අද වසර විසි එකක්
සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 21ක් සපිරෙනවා. 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා.
බිලියන ගණනක් වටිනා දේපල ද එම ඛේදවාචකයෙන් විනාශ වී ගියා.
2005 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර, සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා හේතුවෙන් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින අනුස්මරනය කෙරෙනවා.
ඒ අනුව මෙවරද එම ප්‍රධාන අනුස්මරණ වැඩසටහන පැවැත්වෙන්නේ “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදීයී.
සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිතයි.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් තිබෙනවා

