වෙඩි තැබීමට සම්බන්ධ 06ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් තුළදී එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

අදාල ඝාතනයට යොදාගත් බව සැක කෙරෙන ගිනි අවි දෙකක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමාරකන්ද, රත්ගම සහ බලපිටිය ප්‍රදේශවලදීයි.

menu
menu