බස් රථයක් කන්ටේනර් රථයක ගැටී බිහිසුණු අනතුරක්
ඉන්දියාවේ දී බස් රථයක් කන්ටේනර් රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්ව තිබේ.
කර්ණාටක ප්‍රාන්තයේ සිට බැංගලෝර් බලා ගමන්ගත් බස් රථයක් ඊයේ (25) මෙම අනතුරට මුහුණා පා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවීමත් සමග බස් රථය ගිනී ගැනීමට ලක්ව ඇත.
මියගිය අය අතර බස් රථයේ මගීන් මෙන්ම ට්‍රක් රථයේ රියදුරු ද සිටින බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ 33 දෙනෙකු සිට ඇත.

