ආපදාවට පත් මිනිස්සු වෙනුවෙන් පුංචි කාර් නිවසින් තවත් ලස්සන වැඩක්
පෙරියාරු ඔය පිටාර ගැලීමෙන්ත් සිය දේපළ අහිමි වූ පොළොන්නරුව ලංකාපුර ගල්කැටිදමන ගම් වාසීන්ට දිරිය දීමේ වැඩසටහනක් මාලඹේ පුංචි සාර් නිවස මගින් පසුගිය නත්තල් දා සිදු කලා
යළි නැගිටින ඔවුනට සිය කටයුතු වඩාත් කඩිනම්ව ඉටුකර ගැනීමට පහසු වනු පිණිස අලුත්ම පා පැදි තොගයක් පුංචි නිවසින් එදින පොළොන්නරුව ලංකාපුර ගල්කැටිදමන ගම් වාසීන්ට ලබා දුන්නා
එමෙන්ම සැම පවුලකටම මෙට්‍රස්, බෝස්, රාක්ක, බාස්කට්, වැඩිහිටි ඇඳුම්. දරුවන් සඳහා ක්‍රීඩා උපකරණ, පාසැල් උපකරණ ආදී භාණ්ඩ තොගයක් ද පුංචි කාර් නිවස මගින් ගම් වාසීන් වෙත ලබාදීම මෙහිදී සිදු කරුණා.
මෙම වැඩපිළිවෙළේ තවත් විශේෂත්වයක් වූයේ විපතට පත් ස්ථාන වෙත ගොස් එම ගම්වාසීන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට යළි නැගිටීමට දිරි ගැන්වීම්ද සිදු කලා.
ඒ සඳහා මාළඹේ පුංචි කාර් නිවස කළමණාකාරිත්වය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හතලිහකට ආසන්න පිරිසක් පොළොන්නරුව ගල්කැටි දමන ප්‍රදේශය නත්තල් දිනයේ පැමිණ සිටියා

