බන්ධනාගාරයේ පොළොව යටින් ජංගම දුරකතන මතුවෙයි

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් සතුව තිබී වසරේ මේ දක්වා කාලය තුළදී ජංගම දුරකථන 100කට අධික සංඛ්‍යාවක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මේ අතර ගත වූ දින තුළදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අපරාධකරුවන් වන ලොකු පැටී, මිදිගම රුවන් හා දෙමටගොඩ චමින්ද යන අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරි තුළ තිබී ද දුරකථන හමු වී ඇත.

එමෙන්ම ඇතැම් දුරකථන සිරමැදිරිවල පොළොව යට වළදමා තිබියදී සොයාගැනීම විශේෂත්වයකි.

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් ඒ තුළ සිටිමින් දුරකථන මාර්ගයෙන් අපරාධ සිදුකරන බවට පසුගිය කාලයේ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

menu
menu