සංචාරකයින් විසි දෙලක්ෂ අනූ අටදහස් නවසිය අසූහත් දෙනෙකු දිවයිනට
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් විසි දෙලක්ෂ අනූ අටදහස් නවසිය අසූහත් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.
දෙසැම්බර් මස 25 වනදා වනවිට විදෙස් සංචාරකයින් එක් ලක්ෂ අනූ පන්දහස් තුන්සිය අනූ හතර දෙනෙකු මෙම මාසය තුළදී මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.
රට තුළ පැවති ආපදා තත්ත්වයකදී වුවද මෙපමණ සංචාරකයින් සංඛ්‍යාවක් මෙම මාසය තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයක් බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

