බෝම්බ බියකින් රත් කළ ඊ-මේල් පණිවිඩය ගැන විමර්ශන
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර කිසියම් මහජන කැලඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක පළ කරනවා.
එම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට එම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට ඊයේ ඊ-මේල් පණිවිඩයක් යොමු කර තිබුණා.
ඒ, සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා.
එම සෝදිසි මෙහෙයුම් කටයුතු ඊයේ උදෑසන සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැක කටයුතු කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමුවී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

