වෙසක් පුන් පොහෝ දිනය ගැන ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින්

එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 01 වැනි දින හා 30 වැනි යන දෙදින තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයෙහි එළැඹෙන වසරේ මැයි මාසයේ 01 වැනි දින වෙසක් පුන් පොහොය දිනය ලෙසත් 30 වැනි දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් යොදා ඇති බවයි.

එහෙත් මැයි මස 01 වැනි දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොහ දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් එම ලිපියේ සඳහන්.

menu
menu