දතක් ගැලෙව්වට පස්සේ තරුණියක් මැරිලා
දතක් ගැලවීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් නිසා රෝහල් ගත කළ 20 හැවිරිදි තරුණියක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (28) රාත්‍රියේ මියගොස් ඇති බවට හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියෙන් වාර්තා වී ඇත.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරහේන, පොකුණුවිට ලිපිනයේ පදිංචි කෝට්ටගේ දෙව්මි මදුෂිකා නමැති තරුණියක් බව සඳහන්.
අඳාළ තරුණියගේ උඩු ඇන්දේ කෙළවර පිහිටි දතක වේදනාවක් ඇතිවීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගොස් ඇත්තේ ඉකුත් (14) වැනිදායි.

